ෂාලොම් සේවයේ නියෝජිතයන්

2015 දී කොලරාඩෝ ස්ප්‍රිංග්ස් හි ප්‍රාදේශීය සේවයන් එකතු වී නගරයට සේවය කිරීමට කණ්ඩායමක් සෑදුවෝය. ඒ හෙයින් කෝසි ලව් යූ යන්න බිිහි වුනි. සෑම සරත් සමයකදීම “නගරයට සේවය” නැමැති කණ්ඩායම සමූහනයට සේවය කිරීම සඳහා ඇදහිලිවතුන් යැවූහ.

වසර ගණනාවකට පෙර මගේ දරුවන් සහ මාව නගරය මැද ඇති ප්‍රාථමික පාසැලක සේවය සඳහා යවන ලදී . අපි පිරිසිදු කළෙමු. වල් පැල ගළවා දැමුවෙමු. චිත්‍ර…

ජයෙන් ජයට (එක්සෙල්සියර්)

සමහර විට පුදුම සහගත ලෙස ආත්මික පණිවුඩ සිතාගත නොහැකි ස්ථානවල ඉස්මතු වේ. උදාහරණයක් ලෙස විහිළු කථා පොතක. විශ්මිත විහිළු කථා ප්‍රකාශක ස්ටෑන් ලී 2018 මිය ගියේ ස්පයිඩර් මෑන්, අයර්න් මෑන්, ද ෆැන්ටෑස්ටික් ෆෝ, ද හල්ක්, සහ තවත් කථා බොහෝමයක් ඔහුගේ උරුමයන් ලෙස තබමින්ය.

අව්කණ්නාඩි පැලඳ සිටි සුප්‍රසිද්ධ මනුෂ්‍යයාට පුද්ගලික වචනයක් තිබුණි. දශක ගණනාවක් ඔහු එය තම මාසික වෙළුම්වල භාවිතා කළේය.…

මම රියැදුරා පමණයි

“තාත්තේ, මගේ මිතුරියගේ නිවසේ මට රාත්‍රිය ගත කරන්න පුළුවන්ද?” කියා මගේ දියණිය මගෙන් ඇසුවේ පුහුණුවීම් වලින් පසුව රථයට ගොඩ වෙන ගමන්ය. “දුවේ ඔබ උත්තරය දන්නවා. මම රියැදුරා පමණයි. සිදුවන්නේ කුමක්ද කියා මම දන්නේ නැහැ. අපි අම්මත් එක්ක කථා කරමු” කියා මම කීවෙමි. “මම රියැදුරා පමණයි” යන්න අප නිවසේ විහිළුවක් බවට පත්වී ඇත. සෑම දිනකම මම මගේ සංවිධානාත්මක බිරිඳගෙන් මම සිටිය…

යේසුස්වහන්සේ කැළල ඉවත්කරන සේක

ඇඳුම් වියළන යන්ත්‍රය තුළ මාගේ කමිසයක් සොයමින් “ඔබ විහිළු කරනවාද?” කියා මම මොර ගැසීමි. මට එය හමුවුනි. තවත් දෙයක්ද හමුවුනි.

මගේ සුදු කමිසයේ තීන්ත පැල්ලමක් තිබුණි. එය කොටි හමක් මෙන් විය. තීන්ත පැල්ලම් සෑම තැනකම තිබුණි. මම පැහැදිළිවම මගේ සාක්කු පරීක්‍ෂා කර නොමැත. සිදුරක් සහිත වූ තීන්ත පෑනක් සැම දෙයක්ම කැළැල් කර ඇත.

පාපය පෙන්වීමට දේව වචනය සෑම තැනකම කැළැල්…

දෙවියන්වහන්සේ කැමතිව ප්‍රේම කළ

මුහුණු පොතේ එසවුනු කුඩා මහපටැඟිලි සළකුණ එනම් “ලයික්ස්” (කැමතියි) සැමදා අප සමග තිබුණු බවට හැඟේ. නමුත් මෙම තහවුරු කිරීමේ සංකේතය ආරම්භ වූයේ 2009 වසරේ පමණය. මෙම සංකේතයේ සැළසුම්කරු වන ජස්ටින් රොසෙන්ස්ටයින් කීවේ ඔහුට අවශ්‍ය වූයේ එකිනෙකා පාගා දැමීම වෙනුවට එකිනෙකාව ඔසවා තබන ලෝකයක් ඇති කිරීමටය. නමුත් රොසෙන්ස්ටයින්ගේ වැළපීම ආරම්භ වූයේ ඔහුගේ සොයා ගැනීම භාවිතා කරන්නන් අයහපත් ලෙස සමාජ මාධ්‍යයට ඇබ්බැහිවීම…

දෙවියන්වහන්සේ දෙන ලද දීමනා

දශක ගණනාවකට පෙර විශ්ව විද්‍යාල භාවනා රැස්වීමකදී සෑම කෙනාම පෞරුෂ පරීක්‍ෂණයක් ගැන කථා කළහ. එක් අයෙක් මම “ISTJ” යයි කීවේය. මම “ENFP” යයි තවත් කෙනෙක් මිමිණුවේය. මම ව්‍යාකූල වූයෙමි. මම “්ABCXYZ’” යයි විහිළු කළෙමි.

එතැන් සිට මම පෞරුෂ වර්ධනය (Myers-Briggs) සහ (DISC) විවිධ පෞරුෂ ඇගයීම් වැනි දේවල් පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තෙමි. මම ඒවායින් ප්‍රීතියක් ලබන්නේ ඒවායින් අපට අපවම සහ…

“මගේ අවිශ්වාසයට උපකාර කරන්න”

“මාගේ ඇදහිල්ල කොහේද? ගැඹුරු ඇතුලාන්තයේ පවා හිස්කම සහ අඳුර මිස කිසිවක් නැත්තේය ...... දෙවියන්වහන්සේ සිටී නම් මට සමාවන්න”.

එම වචනවල කර්තෘ ඔබව පුදුම කරනු ඇත. තෙරේසා මව්තුමියයි. ප්‍රේමණීය, සුප්‍රසිද්ධ, කල්කටාහී දුගීන්ට වෙහෙස නොබලා සේවය කළ ඉන්දියාවේ තෙරේසා මව්තුමිය දශක පහක් පමණ ඇගේ ඇදහිල්ල උදෙසා සටන් කළාය. 1997 ඇයගේ මරණින් පසුව ඇයගේ පොර බැදීම් කරලියට පැමිණියේ “පැමිණ මාගේ ආලෝකය වන්න” යන…

ක්‍රිස්තුස්වහන්සේ තුළ නිසල විශ්වාසවන්ත බව

මම මුලින් ඔහුව නුදුටුවෙමි. උදෑසන කෑම පිණිස මම මගේ හෝටලයට පැමිණ සිටියෙමි. කෑම කාමරයේ සියල්ලම පවිත්‍රව තිබුණි. කෑම මේස පිරී තිබුණි. ශීතකරණයද පිරී තිබුණු අතර උපකරණ භාජනයද හොඳටම පිරී තිබුණි. සියල්ලම සම්පූර්ණය.

එවිට මම ඔහුව දුටුවෙමි. නිහතමානී මනුෂ්‍යයෙක් මෙය පුරවයි. එය පිසදමයි. ඔහු ඔහු ගැනම අවධානය යොමු කළේ නැත. නමුත් මම වාඩිවී සිටි කාලය දීර්ඝවත්ම මගේ මවිතයද වැඩි වුනි. මනුෂ්‍යයා…

අවධානය බිඳ ගැනීමට ඇති රුචිය

කුඩා තිරයෙන් විකාශය කෙරෙන රූපක, අදහස් සහ දැන්වීම් ප්‍රහාරකයන්ගෙන් වෙහෙසට පත්ව සිටි මා දූරකථනය පසෙකින් තැබුවෙමි. පසුව නැවත එය අතට ගෙන විවෘත කළෙමි. මන්ද?

නිකලස් කාර්ගේ පොත වන ෂැලොස් හී (නොගැඹුරු) ඔහු විස්තර කරන්නේ අන්තර් ජාලය විසින් අපගේ සම්බන්ධතාවයන් නිශ්චලතාවයට හැඩ ගස්වා ඇති බවයි. “අන්තර්ජාලය සිදු කරනු ලබන්නේ අවධානයේ සහ මෙනෙහි කිරීමේ ධාරිතාව අඩු කිරීමය. මම මාර්ගගතව සිටියත් නොසිටියත් මගේ…

පාපය තවදුරටත් සිහි නොකෙරේ

මම අයිස් නොදැක්කෙමි. නමුත් මට එය දැනුණි. මම පැදවූ මගේ සීයාගේ පිකප් රථය ඇලේට ලිස්සා යන්නට විය, ඒ සමඟම මම අඩි පහළොවක් උස බැම්මකට ඉහළට වීසීවී ගියෙමි. මා මරණයට පත්වන්නේ නැත්නම් මෙම අත්දැකීම අනර්ඝයයි කියා මම සිතුවෙමි. මොහොතකට පසු ට්‍රක් රථය ප්‍රපාතාකාර බෑවුමක පතුලකට පෙරළී ගියේය. කිසිම තුවාලයක් නොමැතිව මම තැළුණු කැබ් රථයෙන් බඩගාගෙන පිටතට බැස්සෙමි.

1992 දෙසැම්බර් මාසයේ උදෑසන…